මා තුරුලේ
නෝක්කාඩු ලෙසින්
තෙපලු මිහිරි වදන් පෙළ
ලොවට ඇසේයැයි බියෙන්
බෝපත් ඇල්ලෙන් නැගී
සිහින් මදුර ගීතිය
නීල අම්බරේ මුසුව ගීයා ...............
බෝපත් දහරින් විසිරුණු
සිත පිනිකට මුහුණ වූ උණුසුමට
අපිරිමිත සිසිලසක් දුන්නා ....
නිදා උනිම මම
හිමින් සීරුවේ
සුමුදු ඇගේ දෑත්
කෙස්රොද අතරින්
සිසිල ෙනු දින ..............
අප ගත එක්වී බැදී සිටින කල
පැතුම් සුගන්දයක් පවනට එක්වී
බෝපත් ඇල්ලෙන් විසිරුණු
තුෂාරයන් හා සුන්දර ගමනක්
මන්දාකිනියේ ඈත කෙලවරට
යනු මම දුටුවා ........................